මත් ද්‍රව්‍ය හා එහි සමාජමය ප්‍රතිවිපාක
මත් ද්‍රව්‍ය වූ කලී වත්මන් සමාජයේ ප්‍රබලතම ගැටලුව බව ස්ථිරය. සමාජය තුල සෑම ගැටවවකටම පාහේ හේතු සාධක වන්නේ ද මෙම මත් ද්‍රව්‍යයි. බොහෝ විට මත් ද්‍රව්‍ය නිසා මිනිසුන් හට තම ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න හට ගනී. එහි ප්‍රධාන කරුණ නම් මෙම මත් ද්‍රව්‍ය ගැටළුව තම ජීවිතයට ඔවුන් විසින්ම ලං කර ගෙන පසුව තමන්ටත් තමා අවට සිටින සියළු දෙනාටත් ගැටළු ඇති කිරීමත්ය.මෙහි සමාජ ප්‍රතිවිපාක බොහෝය.එම විපාක තේරුම් ගැනීමට නොහැකි කෙතරම් පිරිසක් මේ වන විටත් අප සමාජයේ සිටී ද?
වර්තමානයේ මහා මාර්ගයේ දී, නිවසක් තුළදී, බස් රථයක් තුළදී ආදී සෑම සමාජ කොට්ඨාශයක් තුළදීම මත් ද්‍රව්‍ය භාවිතයේ ගැටළුව උග්‍ර වී ඇත්තේය. එහි විපාක තේරුම් ගන්නන් ද බොහෝ විට අඩුය. මෙහිදී විශාල බලපෑමක් කරන්නේ මත්පැන් හා දුම් වැටි මඟිනි. මත්පැන් පානය කොට බස් රථ වල ගමන් කරමින් අන් අයට මහත් සේ හිරිහැරයක් වෙමින් සිටින පිරිස් අධිකය. ඔවුන් හට මේ අනිසි බලපෑම් නොතේරෙන්නේද?තම සෞඛ්‍යයට හානියක් කර ගන්නවා පමණක් නොව අන් අයට ද හිරිහැර කරන මෙවැනි නිවටයන් සමාජයට මහත් හිසරදයක් වනවා නොඅනුමානය. අද බොහෝ විට රිය අනතුරු වලට ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ බීමත්ව රිය පැදවීමයි. එහි එකිනෙක පිළීවෙලට ගොනු කිරීමට නොහැකි තරම් උදාහරණ ප්‍රමාණය විශාලය.එමෙන්ම දුම්වැටි භාවිතයෙන් ද මහත් හිරිහැරයක් සමාජයට ඇතුළු වී ඇත.අධික මුදලක් වියදම් කරමින් මේවා මිලදී ගෙන පානය කරමින් තම ජීවිතය විනාශ කර ගන්නේ මන්ද? මේ සිත් පිත් නැති මිනිසුන්ගේ අභිමතාර්ථය වී ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීම පමණි.ඉන් එහා කිසිවක් සිතීමටවත් ඔවුන්ට කාලයක් නැත.
අද සමාජයේ මේ මත් ද්‍රව්‍ය නිසා ප්‍රධාන වශයෙන්ම පවුල් අභ්‍යන්තරයේ ආරවුල් ඇති වී ඇත.පවුලක් තුළ ප්‍රධානියා එනම්, පියා විසින් මෙම මත්ද්‍රව්‍ය ගැනීම නිසා එම පවුල් සංස්ථාවටම මෙය මහත් හානියක් කැළලක් වනු ඇත.පියා විසින් මත්පැන් පානය කොට නිවසට පැමිණ අඩ දබර කර පවුලේ සමඟිය විනාශ කර දමයි. මිල මුදල් නොසෑහෙන්න වියදම් කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා ගෙන දෙයි.මේ නිසාම පවුල් සංස්ථාව බිඳ වැටේ.එලෙසම සමස්ථ සමාජයම හානියට පත්වේ.
නවීන තාක්ෂණයත් සමඟ ගත් කළ වත්මන් සමාජයේ මිනිසා බොහෝ උගත් පුද්ගලයෙක් වනු ඇත.එහෙත් ඔවුන් අතරේ මෙවැනි නූගත් අය ද සිටී.ඔවුන් නිසා සමාජයේ මිනිසුන් අතර ඇති සාමය, සතුට, අනොන්‍ය සබැදියාව ආදී වැදගත් සංකල්ප බිද වැටේ.වර්තමානයේ තරුණ පරපුර අතරේ ද මත් ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍රව පවතී.උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් මේවාට මහත් සේ ඇබ්බැහි වී තම අධ්‍යාපන කටයුතු පවා කඩා කප්පල් කර ගනී.එසේ නම් ඔවුන් ඉන් ගලවා ගන්නේ කෙසේද? එසේ කළ යුත්තේ කවුරුන්ද?
මෙසේ අප ශ්‍රී ලංකාවේ සමස්ථ සමාජයටම පොදුවේ බල පවත්නා මෙම මත් ද්‍රව්‍ය ගැටළුවට පිළියම් සෙවිය යුතුය.මත්ද්‍රව්‍ය නිසා හට ගෙන ඇති ප්‍රශ්න වලට විසදුම් සොයා ඒවා ඉදිරියට ඇති නොවීමට කටයුතු සැලැස්විය යුතුය.නීති මාර්ගයෙන් කටයුතු කරමින්, අවවාද උපදෙස් ලබා දෙමින් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිසි මගට ගත යුතුය.ඔවුන් ඉන් මුදවා ගත යුතුය. මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නෙතගැටීමත් බොහෝ දෙනා පිළිකුල් කරයි.ඔවුන්ට මෙහි අස්ථිර භාවය පසක් කර දිය යුතුය.සමාජයට සිදුවන විනාශය සිත් තුළට ඇතුළු කළ යුතුය. මෙය කළ හැක්කේ අන් කිසිවෙකුට නොව මේ පොළවේ ජීවත් වන අපටමය. මත්ද්‍රව්‍ය භාවිතා කොට සමාජයට කරදරයක් වනවාට වඩා වැදගත් පුද්ගලයකු ලෙස සමාජයේ පෙනී සිටීම නොවටින්නේද? මත්ද්‍රව්‍ය සමාජය විනාශ කරයි. එහි ප්‍රතිඵල අසුභය. ඉතින් මේවා භාවිතයෙන් මනස විකෘති කර ගන්නවාට වඩා නිවැරදි පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වේ නම් සිය දහස් ගුණයක් අගනේය.
එබැවින් මෙම මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි බලපෑම් තුරන් කිරීමට අප උත්සහ ගත යුතුය.හැකි සෑම පුද්ගලයකුගෙන්ම, ආයතනයකින්ම උදව් උපකාර ලබා ගෙන එමඟින් රටට, සමාජයට වන හානිය අවම කළ යුතුය.වර්තමානයේ රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග පැසසිය යුතුය.මත්ද්‍රව්‍ය දුරු කිරීමට අපි ද සහය වෙමු.එය රටේ සංවර්ධනයට මහත් රුකුලක් වේ.මත්ද්‍රව්‍ය නොමැති යහපත් සමාජයකට ගමන් කිරීමට අප ද මාර්ගය විවර කර ගනිමු.
අධ්‍යාපනය
අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.
අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. (e-ducken, Eduscho) පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducken තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.
My Self
My name is nirosha Dilrukshi konara.i live in kahagala.i am 15 year old. my school is cp/will/mahalakotuwa sri sumana maha viddiyalaya.my mother name is suvinitha kumari.she is house wife.my father name is nawarathna banda.he is farmer.i am one brother.no sister.my feverot subjct is gergropy.my ambisan is techer.
my village.
My village iskahagala’.Which is surrounded by a attractive mountains.It is situated in matale district and laggala devision.There are about 60families in my villege.The majority of them are farming.Instead of that they engaging in hena cultivatiun.Further more there are about 10-12 government servents.Who engage in farming in both seasons caued”yala”and”maha” cultivate other crops in one season.According to that they cultivate beans ,tomatoes,corns……..ect.

